පරිපාලන සේවා දෙවන දිනටත් බිඳ වැටෙයි

පරිපාලන සේවා දෙවන දිනටත් බිඳ වැටෙයි

September 11, 2019   06:57 pm

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් රාජ්‍ය සේවා අඩාළ වුණි.

මින් වැඩිම බලපෑම් එල්ල වූයේ, ආගමන විගමන, විශ්‍රාම වැටුප්, මෝටර් රථ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා සඳහාය. 

වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් ඊයේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

ලෙඩ නිවාඩු වර්තාකරමින් සේවයට වාර්තා නොකර සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ ද ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙන්ම දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවා කටයුතු අඩාළ වී තිබුණි.

කෙසේවෙතත් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණි  රාජ්‍ය පරිපාලන නිළධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වුණි.

අනතුරුව විරෝධතා කරුවන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ  ලේකම් වෙත සිය ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ද භාරදුන්නේය.