බාධක නොතකා ඉදිරියට යන්න-ගෝඨාභයට මහා සංඝරත්නයේ ආශිර්වාදය

බාධක නොතකා ඉදිරියට යන්න-ගෝඨාභයට මහා සංඝරත්නයේ ආශිර්වාදය

September 11, 2019   06:56 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර රජමහා විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරය වෙත පැමිණියේය.

අනතුරුව ඔහු භික්ෂුන් වහන්සේ හාරසීය නමකගේ ප්‍රධානත්වයෙන් පැවැති ආශිර්වාද ජය පිරිත් දේශනයකට එක්ව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරයේ දැඩිමුණ්ඩ දේවාලය ද වැඳ පුදා ගත්තේය.

පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වුණි.