රනිල් තැටියක් උඩ තියලා අපේක්ෂකත්වය එජාපයේ කාටවත් දෙන්නේ නෑ-මෛත්‍රී ගුණරත්න

රනිල් තැටියක් උඩ තියලා අපේක්ෂකත්වය එජාපයේ කාටවත් දෙන්නේ නෑ-මෛත්‍රී ගුණරත්න

September 11, 2019   05:08 pm

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව ලබා නොදෙන බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

අද(11) බදුල්ල ප්‍රදේශයේ පැවති රැස්විමකදී ඌව පළාත් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සටන් කර හෝ ලබා ගත යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බලාපොරොත්තුව වන්නේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම හෝ අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීම පමණක් බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණි සියලු බාදක හමුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි බව ඌව පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බවයි.