කඳුකරය බිලි ගත් ලැව් ගින්න
සයුරෙන් එතෙර

කඳුකරය බිලි ගත් ලැව් ගින්න

September 11, 2019   04:33 pm

පේරු රාජ්‍යයේ කඳුකර කලාපය බිලිගනිමින් පවතින ලැව්ගිනි පාලනයට ගිනි නිවන භටයන් දැඩි වෙහෙසක් දරමින් සිටියි.

ගින්නෙන් හෙක්ටයාර 150ක පමණ භූමි ප්‍රදේශයක් දැවී ගොස් ඇති බවද සඳහන් වෙයි.

උතුරුදිග පේරු රාජ්‍ය යේ ඇන්දීස් කඳු බෑවුමක ලැව්ගින්නක් හටගෙන තිබේ.

පැවැති වියළි කාලගුණයත් සමඟින් අවට වනාන්තර හා පඳුරු දවාලමින් ගින්න ව්‍යාප්ත වී ගිය බවද විදෙස් පුවත් වාර්තා කළේය.

පේරු හි ජනප්‍රිය කදුකර කලාපයක් වන කජාමාර්කා ප්‍රදේශයට ගින්නෙන් වැඩි හානියක් සිදුව තිබේ.

පේරු වාර්තාවලට අනුව ගින්නෙන් හෙක්ටයාර 150ක පමණ වනාන්තර දැවී ගොස් ඇති බවට සඳහන් විය.

ලැව්ගිනි පාලනයට ගිනි නිවීමේ කණ්ඩායම් යුහුසුලුව සේවයේ නිරත වෙමින් සිටින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කළේය.