හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා සභාපතිගේ නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම හෙටත්
September 11, 2019 04:22 pm
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද(11) යළි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද නැවත විභාගයට ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අද දින නඩුවේ පළමුවන සාක්ෂිකරු වූ ඉන්දීය ජාතික ව්‍යාපාරික ඉන්දීය ජාතික ව්‍යාපාරික කේ.නාගරාජා මහතාගෙන් තව දුරටත් සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.
වැඩි දුර සාක්ෂි සටහන් කරගැනීම හෙට දිනට කල් තැබුණි.
2018 වසරේ මැයි මස නව දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්.කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි
ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නම් කර තිබේ.
ලේඛන 41ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ.