මිය ගිය මවගේ සිරුර කැලයට විසි කරන්න ගිය පුතා අතුරුදන්

මිය ගිය මවගේ සිරුර කැලයට විසි කරන්න ගිය පුතා අතුරුදන්

September 11, 2019   04:01 pm

නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි සිය මවගේ සිරුර සිය එකම පුතා විසින් ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගියේ යැයි කියමින් හැටන් වටවල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නැමති එක්දරු මව ඉකුත් 9 දින රාත්‍රීයේ නිවසේදි රෝගාතුරව සිට මිය ගොස් ඇත.

මවගේ අවමංගල කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බැවින් සිරුර කැලයකට විසිකිරීමට දමන බව පවසමින් සිය සැමියා නිවසින් පිටත් ගිය බව අදාල පුද්ගලයාගේ බිරිඳ වන අර්. විශ්වා ගෞරවි මහත්මිය පවසයි.

ඇය පවසන්නේ සිය සැමියා මවගේ සිරුර රැගෙන යන අවස්ථාවේ අවුරුදු 13ක්වන තම දෙවන පුතාවද රැගෙන ගිය බවයි.


ට සිය සැමියා විසින් පවසා එදිනම රාත්‍රි ත්‍රිරෝදරථයකින් සිරුර නංවාගෙන තම දෙවනි පුතාත් සමග සැමියා නිවසින් පිටව ගිය බව ආර්.විශ්වාගෞරවි නැමති තිදරු මව පවසයි.

ඇය පවසන පරිදි තම සැමියා සහ පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර ඔවුන් සතියක පමණ කාලයක් නිවසට පැමිණ සිටි අවස්තාවේ රෝගාතුරව සිටි මව නිවසේදි මිය ගියබව ඇය පවසයි.

නිවසින් පිටව ගිය තම සැමියා හෝ තම දරුවා පිලිබදව මේ වනතෙක් කිසිදු තොරතුරක් නොමැති බවද ඇය පොලිසියට පවසා ඇත.

කෙසේ වෙතත් මෙය ස්වභාවික මරණයක් නොවන බවත් එය ඝාතනයක් විය හැකි බවත් ප්‍රදේශවාස් පවසන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල මත වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරින් එක් ව මිය ගියේ යැයි කියන මහළු කාන්තාවගේ සිරුර සොයා විග්ටන් වතුයයේ මෙහෙයුමක්ද දියත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.