වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක 26ක් හදිසියේ රෝහලට

වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක 26ක් හදිසියේ රෝහලට

September 11, 2019   02:39 pm

ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නිව්වැලිගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණ, තරුණියන් 26 දෙනෙකු හදිසියේ රෝගාතුර විමෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. 

වෘත්තිය කපුහුණුව ලබමින් සිටි තරුණ තරුණියන් 26 දෙනා අද(11) ඇතුලත් කළ බව එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිනි බෙංජමින් මහත්මිය සඳහන් කළේය.

එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණයන් හත්දෙනෙකු සහ තරුණියන් 19 දෙනෙකු පාචනය රෝගය වැලදිම නිසා රෝහල් ගත කළ බව විදුහල්පතිනිය කියා සිටියේය.

රෝහල්ගත කල තරුණි තරුණියන් අතරින් එක් තරුණියක් පමණක් තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබන අතර සෙසු තරුණ තරුණියන් රෝහලේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරව එම තරුණ තරුණියන්ට අද (11) දින නිවාඩු ලබා දුන් බව විදුහල්පතිනිය පැවසීය.

ජුකි මැෂින් , පරිගණක , විදුලි කාර්මික ඇතුළු විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් තරුණ තරුණියන් 135 දෙනෙකු තම පාසල තුල පුහුණුවිම් ලබන බවත්, ඊයේ (10) එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට දිවා ආහාරය ලබාදුන් බවත්, එම ආහාර අනුභව කළ තරුණ තරුණියන් අතරින් 26 දෙනෙකු පමණක් පාචන රෝගය වැලඳුන් බව විදුහල්පතිනිය සඳහන් කළේය.

වෘත්තිය පුහුණු මද්‍යස්ථානයේ පැවැත්වෙන උත්සව වලට ආහාර ලබා ගන්නා විශ්වාසනිය ස්ථානයකින් ආහාර පැකට් ලබා ගත් බවත්, තරුණ තරුණියන් පිරිසට පමණක් පාචනය රෝගය වැළදීම සම්බන්ධයෙන් හේතුව තමන් නොදන්නා බව නොර්වුඩ් නිවැවැලි ගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිනිය මෙහිදී පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලීසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් වෙන් වෙන්ව වශයෙන් පරික්ෂණ පවත්වයි.