කොහොම ආවත් සජිත් පරාජිත අපේක්ෂකයෙක්-සේමසිංහ

කොහොම ආවත් සජිත් පරාජිත අපේක්ෂකයෙක්-සේමසිංහ

September 11, 2019   01:25 pm

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කුමන හෝ පක්ෂයකින් ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් වුවත් ඔහු පරාජිත අපේක්ෂකයෙක් ලෙස මැතිවණය අවසානයේ පත්වන බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කිසිදු දැක්මක් නැති පුද්ගලයෙකු බවත් සජිත් අමාත්‍යවරයා එදිනෙදා කටයුතු කිරීම සඳහා පමණක් බුද්ධියක් ඇති නායකයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සඳහා එකමුතුව ඉදිරිපත් වන්නේ නම් එය තම පක්ෂයට යහපත් බවයි.

මේ අතර වැඩිම හොරු පිරිසක් ආරක්ෂා කරනු ලැබුවේ ජනතා විමුත්කි පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.