නිකවැරටියට ආදර්ශමත් රිය පැදවීමේ කලාපයක්

නිකවැරටියට ආදර්ශමත් රිය පැදවීමේ කලාපයක්

September 11, 2019   11:19 am

මාර්ග නිතී පිළිපදිමින් සහ රිය අනතුරු වලක්වා ගනිමින් රියදුරන් විසින් ආදර්ශමත් ලෙස රිය ධාවනය කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නිකවැරටිය පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව බලල්ල යුබී වන්නිනායක නවොද්‍යා පසල අසල සිට දළඳාගම දෙසට කිලෝමිටරයක දුරක් රියදුරන් මාර්ගයේ රිය ධාවනය කළ යුතු ආකාරය පිළිබඳ පුවරු ප්‍රදර්ශනය කරමින් සහ රථවාහාන පොලිස් නිලධාරීන් විසින් රියදුරන් දැනුවත් කිරමින් මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කළ බව වාර්තා වෙයි.

ඊයේ(10) මෙම වැඩ සටහන නිකවැරටිය පොලීසිය විසින් ක්‍රියාත්මක කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මාර්ගයේ ගමන් කළ රථවාහනවල ස්ටිකර් අලවා අත් පත්ත්‍රිකා බෙදා දෙමින් රියදුරන් දැනුවත් කළ අතර බලල්ල යුබී වන්නිනායක නවොද්‍යා පසල අසල සිට දළඳාගම දෙසට කිලෝමිටරය නම් කර තිබුණේ ආදර්ශමත් රිය පැදවීමේ කලාපයක් ලෙසටයි.