පරිසරය විනාශ කරන්නේ දේශාපඥයින් හා දූෂිත ව්‍යාපාරිකයින්-ජනපති
September 11, 2019 10:51 am
ශ්‍රි ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල පරිසර විනාශයට හේතුව දේශපාලන බලය සහිත පුද්ගලයන් සහ දූෂිත ව්‍යාපාරිකයන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ(10) පස්වරුවේ පැවති ආසියා ශාන්තිකර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ලංකාව එකම උද්‍යානයක් ලෙස පෙනී යන බව පැවසු ජනාධිපතිවරයා, උතුරේ සිට දකුණටත් , කුමන දිශාවකට ගියත් නිල් පැහැති හරිත වර්ණ ඉතාමත් සුන්දර රමණිය රටක් නිර්මාණය කරන බවත් පැවසීය.
පරිසරය සංරක්ෂණය කිරීමට හා ස්වභාවිකව සම්පත් රකින්න, පරිසරයේ සුන්දරත්වය රැක ගැනීමට, දේශපාලඥයින්ට පමණක් නොව බොහෝ විද්‍යාඥයින්ට පවා උවමනාවක් නොතිබුණ බවත් පැවසු ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල පරිසරය විනාශ කරනු ලබන්නේ දේශපාලන බලය තියෙන හා දුෂිත ඡාවාරම්කාර ව්‍යාපාරිකයින්, දුෂිත රාජ්‍ය නිලධාරීන් පරිසරය විනාශ කිරීමේ නායකත්වය ගන්නා බවද කියා සිටියේය.
තමා බලයට පත් කළ සංවිධානවල නායකයින් ජනාධිපති ධූරය හැර ඔබ භාර ගන්නා අමාත්‍යධූරය කුමක්ද යන්න ප්‍රශ්න කර සිටි බවත් පැවසු ජනාධිපතිවරයා, තමාට අවශ්‍ය පරිසර අමාත්‍ය බවත් පැවසු බවයි.
එහෙත් බොහෝ අය පවසා සිටින්නේ මුදල් අමාත්‍යාංශය තමාට අවශ්‍ය බවද පැවසු ජනාධිපතිවරයා, තමා එසේ පැවසුවේ රටේ පරිසර විනාශය දැක තිබු නිසාවෙන් බවත් පැවසීය.