සාමනේර හිමිවරුන්ට පහර දෙන මේ පුද්ගලයා කවුද?

සාමනේර හිමිවරුන්ට පහර දෙන මේ පුද්ගලයා කවුද?

September 10, 2019   07:34 pm

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යමින් තිබේ.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකරන ස්ථානය හෝ පුද්ගලයා පිළිබදව තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

එහිදී ඇතිවෙන්නේ මෙවැනි සංවාදයකි.

“කවුද ගන්න කිව්වේ?

මෙයා කිව්වේ....

මම කිව්වනේ දහය අයින් කරන්න කියලා

කවුද හොරකම් කරන්න කිව්වේ?

හොරකම් කරන්න කිව්වේ නෑ

ඉනේ ගහගන්න කිව්වේ?

මම ඉනේ ගහගත්තේ නෑනේ

කවුද ගත්තේ? කවුද ගත්තේ?

මම ගත්තා කියලා මම පිළිගන්නවා

මෙයානේ කිව්වේ ගන්න කියලා

බොරු කිව්වේ ඇයි? කවුද ගත්තේ?

කවුද ගත්තේ? මෙයාද කිව්වේ?

මෙයානේ කිව්වේ

එයා තමයි ගෙවන්නම්  කිව්වේ

ගෙවන්නම් කියපු හින්දයි ගත්තේ

හොර වැඩ කරන්න එපා. හොර වැඩ

හොර වැඩ... හොර වැඩ

මං මොනවත් කළේ නෑනේ

අනේ..

හොර වැඩ කරන්න එපා හරිද?

හා...

එහෙම ගහන්න එපා

ඇති ඇති“ 


මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිස් මාධ්‍ය ඒකකයේ පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

දුරකථන අංක - 0112 395 605