උකුසු ඇසට ගැටුණු ඖෂධ ජාවාරම

උකුසු ඇසට ගැටුණු ඖෂධ ජාවාරම

September 7, 2019   06:55 pm

මීගමුව ප්‍රදේශයේ ස්ථාන දෙකක නීති විරෝධී ඖෂධ ජාවාරමක් පිළිබද තොරතුරු අපට අනාවරණ වුණි.

ඒ අනුව කොළඹ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සමග උකුස්සා මීගමුවට යන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සමඟින්.

මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ මෙම නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ජාවාරමේ තොරතුරු අනාවරණ කර ගැනීමට අපිට හැකිවෙනවා

කිසිදු ප්‍රමිතියකින් තොරව ඖෂධ තොගයක් හසුරා තිබෙන අයුරු එහිදී දැක ගත හැකි වුණා.

පිලිකා සහ හෘදයාබාධ රෝගීන්ට ලබාදෙන මිල අධික ඖෂධ මෙහි ගබඩා කර තිබුණේ කිසිදු ප්‍රමිතියකින් තොරවයි. 

ඒ අතර අධි රුධිර පිඩන රෝගීන් භාවිතා කරන ඖෂධ හා දියවැඩිටයා රෝගීන්ට ලබාදෙන ඖෂධ තොගයක් ද වෙයි.

වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වුණේ මෙම ඖෂධවලින් බහුතරයක් මෙරට තුළ ලියාපදිංචි ඖෂධ නොවන බවයි.

අනතුරව උකුස්සා ආහර හා ඖෂධ පරීක්ෂකවරුන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ මීගමුවේ පිහිටි සැකකරුගේ අනෙක් නිවස ද පරීක්ෂා කළෙමු.

එම නිවසෙන්ද පෙර අයුරින්ම අසුරා තිබූ ඖෂධ තොගයක් සොයාගැනීමට හැකි වුණි.

යුරෝපයේ නිෂ්පාදනය කරන ඖෂධ වල ව්‍යාජ නිෂ්පාදන තොගයක් ද මෙහිදී සොයා ගත්තේය.

මේ නිවාස දෙකේ තිබී සොයාගන්නා ලද  ඖෂධ තොගයේ වෙළෙදපොළ වටිනාකම රුපියල් කෝටියකට අධිකය.

ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දදෙන්නේ, කිසිදු බලපත්‍රයක් නොමැතිව ගුවන් මගින් ගෙන්වා වෙළෙදපොළට යොමුකරන මේ ඖෂධ ගබඩා කර ඇති ආකාරය මිනිස් සිරුරට දැඩි ලෙස බලපාන බවයි.

රටට විනකරන මෙවැනි ජාවාරම් හසුකරගැනීමට අද දෙරණ උකුස්සා ඉදිරියේදීත් සූදානම්.