ටී.වී දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා සම්මානයෙන් පිදුම් ලබයි

ටී.වී දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා සම්මානයෙන් පිදුම් ලබයි

September 7, 2019   10:26 am

WOMEN TOP 50 සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ(06) පස්වරුවේ කොළඹදී පැවැත්වුණි.

ඉහළම කාන්තා වෘත්තීයවේදීන්  ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් පැවැත්වෙන WOMEN TOP 50 සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුණි.

ඒ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදීය.

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ දී  ටී.වී දෙරණ වෙනුවෙන් වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් සම්මානය ලබා ගත්තේ අද දෙරණ ප්‍රවෘත්ති සහා කාලීන සිදුවීම් සාමාන්‍යාධිකාරී වසන්ති නානායක්කාර මහත්මිය විසින්ය.

මෙම අවස්ථාව සඳහා කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.