පුපුරණ ද්‍රව්‍ය බවට සැක පාර්සලයක්

පුපුරණ ද්‍රව්‍ය බවට සැක පාර්සලයක්

August 23, 2019   12:36 pm

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.

පසුගිය 21 දින උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි  දිය ය‍ට සඟවා තිබූ වැලි සමඟ මිශ්‍රිත පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන කිලෝග්‍රෑම් 15 ක බරකින් යුත් පාර්සලයක් මෙලෙස සොයාගෙන ඇත.

පසුව එම පාර්සලය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත.