ලොව පැරණිතම තරුණ ආරක්ෂකයින්ගේ සංවත්සරය
සයුරෙන් එතෙර

ලොව පැරණිතම තරුණ ආරක්ෂකයින්ගේ සංවත්සරය

August 22, 2019   09:51 am

ඩෙන්මාර්කයේ ටිවෝලි තරුණ ආරක්ෂකයින් පසුගියදා සිය 175වන සංවත්සරය සමරණු ලැබීය.

මෙම කණ්ඩායම ලොව පැරණිතම තරුණ ආරක්ෂක කණ්ඩායම ලෙස සැලකෙයි.

ඩෙන්මාර්කයේ කොපන්හේගන් අගනුවර ටිවෝලි විනෝද උයන ඉදිකිරීමට සමගාමිව ටිවෝලි තරුණ ආරක්ෂක කණ්ඩායමත් නිර්මාණය වෙයි.

ඒ 1844 වර්ෂයේදීයි.

යොවුන් වියේ පසුවන පිරිමි ළමුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම වාදක වෘන්දයක් ලෙස විශේෂ අවස්ථාවලට සහභාගි කරගෙන තිබුණි.

ටිවෝලි තරුණ ආරක්ෂකයන් මේ වන විට ළමුන් 94 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් අවුරුදු 8ත් 16ත් අතර වයස්වල පසුවන්නන් බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

2015 වර්ෂයේ සිට ඊට ගැහැණු ළමුන්ද සම්බන්ධ වෙයි.

මේ වසරට යෙදී තිබෙන ටිවෝලි තරුණ ආරක්ෂකයන්ගේ 175වන සංවත්සරය වෙනුවෙන් ඉසව් සහ ප්‍රසංග මාලාවක් සංවිධාන කර තිබේ.

එමෙන්ම ටිවෝලි තරුණ ආරක්ෂයන්ට අනුබද්ධිත ටිවෝලි සංගීත පාසැලේ සමාරම්භක උත්සවයත් ඒ අතර පැවැත්වීමට නියමිතයි.

මේ අතර සිය සංවත්සර සැමරුම වෙනුවෙන් ටිවෝලි තරුණ ආරක්ෂකයන් පසුගියදා කොපන්හේගන් නගරයේදී පෙළපාලියක්ද පවත්වා තිබුණි.