රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක

August 22, 2019   07:10 am

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ අද පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂික වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල මෙම වර්ජනය  ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

කෙසේවතත් මෙම වර්ජනයට සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ජනතාව මුලා කරන ව්‍යාජ කරුණු මත පදනම්ව මෙම වැඩවර්ජනය කැඳවා ඇති බවයි.