මුහුදු රළ ගොඩට එන ලකුණු

මුහුදු රළ ගොඩට එන ලකුණු

August 21, 2019   01:23 pm

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ක් 3ක් අතර  ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් වෙයි.

ධීවර හා නාවික ප්‍රජාව වෙරළ ආසන්නව වාසය කරන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශ දැනුම් දෙයි.