පොහොට්ටුවේ සිහි කල්පනාව හොඳ කෙනෙක් ගිලෙන නැවකට පනින්නේ නෑ-සොයිසා

පොහොට්ටුවේ සිහි කල්පනාව හොඳ කෙනෙක් ගිලෙන නැවකට පනින්නේ නෑ-සොයිසා

August 21, 2019   01:10 pm


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ(20) රාත්‍රීයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විය.

ඊට සහභාගී විමෙන් පසු මාධ්‍යට අදහස් පළකළ පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානය නිර්මාණය කිරීමේ වැඩකටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීම ඊයේ රාත්‍රියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විය.

මෙම රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමයි.

මෙම අවස්ථාවට එක් වු උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, මැතිවරණ උපාය මාර්ග පිළිබඳව මෙහිදී සාක්ච්ඡා වු බවයි.

ඒ පිළිබඳ කරුණු මාධ්‍යයට හෙළි නොකරන බවත්, සන්ධානය මහා උළෙලක් මධ්‍යයේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ සැප්තැම්බර් මාසයට පෙර සන්ධානය එළි දක්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා සමඟ එකඟතාවයකට එන්න සුදානමින් සිටින බවත් ඔහු පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගෙන් මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වීමට බලාපොරොත්තුවක් ඇති ද යන්නයි. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාට කොහොමත් දවල් හීන පේන බවයි.

කිසිම පොහොට්ටුවේ කෙනෙක් සජිත් ප්‍රේමදාස වැනි පරාජය වෙන පුද්ගලයෙක් සමඟ එකතු වෙනු ඇතැයි තමා විශ්වාස නොකරන බවද පැවසු මන්ත්‍රීවරයා 88-89 පාලන කාලය මතක් වෙන විට තමාගේ “ඇඟේ මයිල් කෙලින් වෙනවා, බයට “ යනුවෙන් ද පැවසීය.