හෝමාගම මාරක රිය අනතුරේ CCTV දර්ශන

හෝමාගම මාරක රිය අනතුරේ CCTV දර්ශන

August 21, 2019   01:03 pm

හෝමාගම බස්නැවතුම්පොළේදී සිදු වූ බස් රථ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

ඊයේ(20) දහවල් 12 ට පමණ හෝමාගම පොලිස් වසමේ නව බස්නැවතුම් පොළ ප්‍රවේශයේ දී අනතුරක් සිදුව ඇත.

හංවැල්ලේ සිට හෝමාගම දක්වා ධාවනය වන බස් රථයක බදේ ගැටීමෙන් අනතුරුව එහි ඉදිරි පස රෝදයට යටවී අදාළ කාන්තාව මිය ගොස් තිබේ. 

අනතුර සිදුවන ආකාරය අසළ වෙළඳසැළක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරදු 85 ක් වු කොතලාවල, කඩුවෙල ලිපිනයේ පදිංචි ජයකොඩිගේ දොන් සීලවතී නැමැත්තියකි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.