සාගර පර්යේෂණවලට නවීන නෞකාවක්

සාගර පර්යේෂණවලට නවීන නෞකාවක්

August 21, 2019   12:41 pm

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ඉල්ලීම අනුව සාගර පර්යේෂණ සඳහා නවීන පහසුකම් වලින් සමන්විත අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට සාගර පර්යේෂණය පිළිබඳ කොරියානු විද්‍යාතනය තීරණය කර ඇත.

කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායමක් හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතර අද(21) පැවති සාකච්ජාවේදී මෙම තීරණය ගනු ලැබිණි.

ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය (නාරා) සහ කොරියානු සාගර පර්යේෂණ  විද්‍යායතනය අතර ඒකාබද්ධ පර්යේෂණ සහයෝගිත වැඩසටහන පිළිබඳ සාකච්ජා කිරීමට මෙම කොරියානු නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සාකච්ජා කළහ.

ඒ අනුව සාගර පර්යේෂණ කටයුතු සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ විශේෂඥන් සදහා පුහුණුව සහ නවීන පහසුකම් සැලසීම දෙරට අතර සාගර පර්යේෂණ සහයෝගිත වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකය. 

මෙම සාගර පර්යේෂණ කටයුතු පිළිබද ඒකාබද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද තීරණය කෙරිණ.

සාගර පර්යේෂණ පිළිබද මෙම ඒකාබද්ධ මධ්‍යස්ථානය කල්පිටියේ ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබිය . මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන  05ක ආයෝජනයක් කිරීමටත් සාගර පර්යේෂණ කොරියානු විද්‍යායතනය කැමැත්ත පල කළේය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර ප්‍රජාව සහ ධීවර කර්මාන්තයේ  සංවර්ධනය සදහා දක්වන කැපවීම සහ උනන්දුව පිළිබඳව තමන් දැඩි ප්‍රසංසාව පලකරන බවත්. ලංකාවේ ධීවර ජනතාව සහ ධීවර කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය සඳහා ආධාර උපකාර කිරීමට කොරියානු රජය කැමැත්තෙන් පසුවන බවත් මෙම කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනයේ  නියෝජිත කණ්ඩායම පැවසුහ.

ඒ පිළිබදව කොරියානු රජයට සිය ප්‍රණාමය පලකරන බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරයා කොරියානු ධීවර රැකියා සදහා යන ශ්‍රී ලංකික ධීවර කණ්ඩායම් සඳහා නිසි පුහුණුවක් ලබාදීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව මෙන්ම ප්‍රථම වරට ඉදි කිරීමට සැලසුම කර ඇති බහුකාර්යය ධීවර වරායන් පිළිබදව මෙම කොරියානු නියෝජිත කණ්ඩායමට පැහැදිලි කරනු දෙනු ලැබිය.

රාජ්‍ය අමාත්‍යතුමාගේ කරුණු දැක්වීම පිළිබඳ වඩාත් පැහැදීමට පත් මෙම නියෝජිත කණ්ඩායම කොරියාවේ ධීවර රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂා කරන තරුණ පිරිස් සඳහා සියලු පහසුකම්වලින් සමන්විත පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලබාදීමට කැමැත්ත පල කළේය.

මේ පිළිබද ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා හෙට දිනම හමු වී දෙරට අතර ක්‍රියාත්මක කිරීමට නියමිත සහයෝගිත වැඩපිළිවෙල පිළිබද දැනුවත් කර එම කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් මෙම කොරියානු නියෝජිත කණ්ඩායම රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දුන්හ.