මට වඩා ගෝඨා රටට ආදරෙයි-ඩලස්

මට වඩා ගෝඨා රටට ආදරෙයි-ඩලස්

August 21, 2019   10:11 am

එක්සත් ජාතික පක්ෂය අද වන විට නිල වශයෙන් බෙදීමකට ලක්වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර මාලිම්බඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ දේ පැවසු බවත් කියා සිටි අලහප්පෙරුම මහතා, ගෝඨාභය මහතාට පුරවැසිභාවයක් නොමැති බවට පැවසු ද මෙහිදී සඳහන් කළේය.

කුමන දේ පැවසුවත් රාජපක්ෂ පවුලේ සියලු දේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා හා පොදුජන පෙරමුණේ සියලු දෙනාත් මහා සංඝරත්නය හා සියලු විද්වතුන් සියලු දෙනාම අපේ අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය බවට අපේක්ෂා කළ බවද පැවසු මන්ත්‍රීවරයා, ඒ අපේක්ෂකයා අද දිනයේ එළියට පැමිණ ඇතැයි ද පැවසීය.

එනිසා සියලු දෙනා විසින්ම සිදු කරන වැදගත්ම දෙය වන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ ගම සංවිධානය කිරීම වන බවද පැවසු මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ නොයෙක් කුලල් කා ගැනීම් ඇති බවද කියා සිටියේය.

තම අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව රට වටේ යන බවත් පැවසු මන්ත්‍රීවරයා, තම පක්ෂයට විශ්වාසවන්ත අපේක්ෂකයෙක් හමුවී ඇතැයි ද පැවසීය.

සියලු දෙනාටම තේරෙන එක දෙයක් ඇති බවත් පැවසු අලහප්පෙරුම මහතා ඒ තමා “ මට වඩා ගෝඨාභය රටට ආදරෙයි“ යනුවෙන් කියා සිටියේය.

අපේ පපුව මට වඩා ගෝඨාභය රටේ දූෂණය නැති කරනු ඇතැයි යෝජනා කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, ගෝඨාභය ජනාධිපතිවරයා හා අගමැති මහින්ද තරම් හොඳ සුසංයෝගයක් තවත් නැති බවත් පැවසීය.