කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

August 21, 2019   08:13 am

පෑලියගොඩ ප්‍රදේශයේදී කැලණි ගං ඉවුර අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අදාල මළ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ඔහු වයස අවුරුදු 50 පමණ පුද්ගලයෙකු බවට සැක කරයි.

මෘත ශරිරය කොළඹ පොලිස් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසන්නේය.