ශවේන්ද්‍ර සිල්වා ගැන ඇමරිකානු තානාපතිනියගේ ප්‍රකාශයට විමල්ගේ අප්‍රසාදය

ශවේන්ද්‍ර සිල්වා ගැන ඇමරිකානු තානාපතිනියගේ ප්‍රකාශයට විමල්ගේ අප්‍රසාදය

August 19, 2019   10:44 pm

ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම හෙළා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීම කෙරේ විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි මෙසේ කරුණු සඳහන් කර ඇත.

"අද දින ට්විටර් පණිවිඩයක් මඟින්  ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින්  ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ප්‍රකාශයක් නිකුත්කොට ඇත. 

එම ප්‍රකාශය අනුව  ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වේ. 

එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නව හමුදාපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ල කොට තිබීමය. 

ඇය විසින් තම රාජ්‍යතාන්ත්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව අප දැඩි විරෝධය ඇය වෙත ප්‍රකාශ කරන අතර පහත සඳහන් කරුණු ඇයට මතක්් කර දීමට කැමැත්තෙමු.

 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය,  ලංකාවේ හමුදාවට සහ එහි නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ ධෂීඛ වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට හෙවත් චෝදනාවලට පිළිතුරු බැඳීමට ලංකාවේ රජයට සහ හමුදාවට පමණක් නොව එම ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට සෙසු රටවලට ද අවස්ථාවක් ලබා නොදුනි. 

ඊට හේතුව වූයේ ආචාර ධර්ම සහ ස්වාභාවික යුක්තියට පිටුපාමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් බලපෑම් එල්ල කිරීම ය.

ඉන් පසුව මානව හිමිකම් සමුළුව අසූචි වලක් ලෙස හඳුන්වමින් එම ආයතනයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම ආයතනය විසින් ස්වාභාවික යුක්තියට පිටින් ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට අද කිසිදු සදාචාරාත්මක අයිතියක් ද නැත."