නාවලපිටියේ නිවාස රැසක් ජලයෙන් යට වෙයි
August 14, 2019 08:02 am
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වේ.
මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 ඊයේ (13) පස්වරු 4 සිට ජලයෙන් යට වි ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදි සිටින බවත් පහත් මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් සඳහන්.