යුද්ධ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී සෙබලෙක් වෙඩි තබා ගනී

යුද්ධ හමුදා මුලස්ථානය ඉදිරිපිටදී සෙබලෙක් වෙඩි තබා ගනී

August 14, 2019   07:48 am

යුද හමුදා මූලස්ථානයේ රාජකාරි කළ හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අද අළුයම 04.10ට පමණ තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ පොලොන්නරුව, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු යුද හමුදා මූලස්ථානයට අනියුක්ත යුද හමුදා ඉංජිනේරු බලකායට අයත් සෙබලෙකු බව සඳහන් වෙයි.

සිය දිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.