අවසන් රන්දෝලි පෙරහැර අද

අවසන් රන්දෝලි පෙරහැර අද

August 14, 2019   07:43 am


ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් මහා රන්දෝලි පෙරහැර අද(14) වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අද පස්වරු 8 පසුවී විනාඩි 5ට යෙදුණු සුභ මොහොතින්.

පසුගිය පස්වෙනිදායින් ඇරඹුණු ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙයි.

අද පස්වරු 8 පසුවී විනාඩි 5ට යෙදුණු සුභ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට ආරම්භ වීමට නියමිතයි.

පෙරහැර දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩන් නික්ම දළදා වීදිය ඔස්සේ ගමන් කර යටිනුවර වීදිය, කන්දේ වීදිය, ත්‍රිකුණාමලය වීදිය ඔස්සේ ගමන් කර එතැනින් රජවීදියට පිවිස යළි දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩින් ගෙවිදීමට නියමිතයි. 

අද දින අවසන් රන්දෝලි මහපෙරහැරේ කරඬුව වඩමවනු ලබන හස්ති රාජයා අද පස්වරුවේ දියවඩන නිලමේවරයා විසින් තීරණය කිරීමට නියමිතයි. 

සිව්වන රන්දෝලි පෙරහැර ඊයේ පස්වරු 7යි විනාඩි 38ට යෙදුණු සුභ මොහොතින්  දකුණු දිසාමුඛව වීදි සංචාරය කළේය.

දළදා වීදිය, යටිනුවර වීදිය,ඩී.එස්.සේනානායක වීදිය ,හරස් වීදිය හරහා පෙරහැර ගමන් කරනු ලැබීය.

කතරගම වාසනා ඇතා විසින් කරඩුව වැඩමවන අතර දෑල ඇතුන් ලෙස මියන්මාර ඇතා සහ සිංහරාජා යන ඇතුන් ගමන් කළේය.

පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක්දච එක්ව සිටියේය.

අවසන් රන්දෝලි මහා පෙරහැර අද 8 පසුවී විනාඩි 5ට යෙදුණු සුභ මොහොතින් දකුණු දිසා මුඛව වීදි සංචාරය කිරීමට නියමිතයි.