ගෝඨා අනුරපුරයෙන් මහනුවරට
August 13, 2019 09:40 pm
අනුරාධපුරයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (14) මහනුවරදී ආගමික වැඩසටහන් රැසකට එක්වීමට නියමිතව ඇත.
ඒ අනුව උදේ 9ට පමණ ශ්‍රී දළදා වහන්සේ වන්දනාමානකර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් නියමිතයි.
ඉන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි, රාමඤ්ඤ නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට නියමිත අතර පසුව පුල්ලෙයාර් කෝවිලටත්, මීරාමක්කම් මුස්ලිම් පල්ලියටත් පැමිනීමට කටයුතු යොදා ඇත.
එසේම හෙට රාත්‍රී විශ්ණු දේවාල පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමද ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරෙන අතර මහනුවර ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් මුණ ගැසීමටද නියමිතව තිබේ.