ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

August 13, 2019   08:41 pm

ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් , ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන , පලාලි , සීගිරිය , කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල , ජෙට් ඇන්ජින් වල සහ අනෙකුත් විවිධ කොටස් වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානා වලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.