රත්නපුරට තද වැසි-කුකුලේ ගඟ වාන් දොරටුවක් ඇරෙයි
August 13, 2019 08:33 pm
රත්නපුර කලවාන ප්‍රදේශ රැසකට අද(13) පැවති අධික වර්ශාව හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයේ එක් වාන් දොරටුවක් විවෘත්ත කර ඇත.
වර්ෂාව නිසා ප්‍රදේශයේ පහත් බිම් රැසක් පිටාර වතුරෙන් යට වී තිබේ.
පැවති වර්ෂාව උදැසන පටන් පැවති අතර මිලිමීටර 70ක පමණ වර්ෂා පතනයක් වාර්ථා වී ඇත.
මේ හේතුවෙන් කුකුලේ ගඟ ජල ව්‍යාපෘතියේ එක් වාන් දොරටුවක් විවෘත්ත කර ඇති අතර ඉන් තප්පරයකට ඝණ මීටර 60ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැර ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසීය.
ගංඟාවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් වෙත අවධානයෙන් සිටින්නැයි උපදෙස් ලබා දී ඇත.
අද සවස 5වන විට කළුතර කළුගගේ ජල මට්ටම මිටර1.18 දක්වා ඉහළ ගොස් තිබේ.
අඟලවත්ත කළුපයන ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටි ඇති අතර ඉන් ජීවිත හානි සිදුවි නැති බව ද වාර්තා වෙයි.