නෝර්වුඩ් නිවාස 10 පස්වලින් යට වෙයි-ජීවිත හානි නෑ
August 13, 2019 07:50 pm
නෝර්වුඩ් පොලිස් වසමට අයත් නෝර්වුඩ් තේ වතුයායේ බංගලා කොටසේ පස් කන්දක් කඩා වැටිමෙන් වතු ලැයීන් කාමර 10 ක් යටවී ඇතැයි නොර්වුඩ් පොලීසිය පවසයි.
මධ්‍යම කදුකරයට දින කිපයක් පුරා පවතින වර්ෂාව හේතුවෙන් අද (13) ප.ව .5.30 ට පමණ පස්කන්ද නිවාස මතට කඩා වැටි තිබේ.
එයින් නිවාස තුනකට මුළුමනින්ම හානි සිදුවී ඇති අතර අනෙක් නිවාස කඩා වැටිමේ අවධානම් තත්ත්වයට පත්වීම නිසා ඔවුන්ද එම ස්ථානයෙන් ඉවත් කිරිමට ග්‍රාමනිලධාරිනිය පියවර ගෙන තිබේ.
මෙම සිදුවීමෙන් පවුල් 11 ට අයත් පුද්ගලයින් 59 ක් අසීරූතාවයට පත්ව ඇති අතර ඔවුන් අතර කාන්තාවන් 35 ක් හා පිරිමි 24 ක් වෙයි.
ඒ අතර, 16 දෙනෙකු ළමයින් බවද සඳහන්ය.
අවතැන්වුවන් නිව්වැලිය දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇති අතර ඔවුන්ට සුබසාධන අවශ්‍යතා සැපිරිමට අඹගමුව කෝරළය ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පියර ගෙන තිබේ.
ඒ සඳහා නොර්වුඩ් ප්‍රාදේශීය සභාව ද පියවර ගෙන ඇත.
මෙම අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.