ගතින් වැහැරුණත් අරමුණ වෙනුවෙන් වෙහෙසෙන ටිකිරි

ගතින් වැහැරුණත් අරමුණ වෙනුවෙන් වෙහෙසෙන ටිකිරි

August 13, 2019   06:47 pm

අවුරුදු 70ක් වයසැති වයෝවෘධ ඇතින්නක් දළදා පෙරහැරට යොදාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දෝෂාරෝපනයට ලක්වෙමින් තිබේ.

මෙතරම් වයසට ගිය මේ ඇතින්න දළදා පෙරහැරේ ගමන් කරන්නේ කුමන හේතුවක් මතදැයි අද දෙරණ සොයාබැලීමක් කළේය.

විශ්ණු දේවාලය නියෝජනය කරමින් රන්දෝලි පෙරහැරේ ගමන් කරන මේ ඇතින්න හඳුන්වන්නේ ටිකිරි යනුවෙන්ය.

අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙලෙස ගමන් කළත් ටිකිරි දැන් වයෝවෘධයි.

ඇය දළදා පෙරහැරට යෙදවීම සම්බන්ධයෙන් සත්ව ක්‍රියාකාරී සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

මතුපිටින් ටිකිරි දකින පුද්ගලියින්ට විවේචනයක් එල්ල කළ හැකි වුවත් මෙහි සැගවුණු කතාවක් ද තිබේ.

ටිකිරි දළඳා පෙරහැරේ ගමන් කරන්නේ වයස අවුරුදු 5 සිටයි. 

පසුගිය වසරේ පෙරහැරේ ගමන් කළ ඇය ආහාර ජීරණ පද්ධතියේ ඇතිවූ රෝගි තත්ත්වයක් නිසා මාස 6ක් තිස්සේ පීඩාවට පත්ව සිටි ඇති බව වාර්තා වෙයි.

එම කාලය තුළදී ඇය වෙනුවෙන් විශ්ණු දෙවියන්ට භාරයක් වන ස්වාමියා ටිකිරිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරයි