ශ්‍රීලනිප ජනපති අපේක්ෂකත්වය ගැන තීරණය ඉදිරි සතියේ

ශ්‍රීලනිප ජනපති අපේක්ෂකත්වය ගැන තීරණය ඉදිරි සතියේ

August 13, 2019   06:08 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් මහලේකම්වරයා මෙම අදහස් පල කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරි සතියේදී තීරණයක් ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද මහනුවරදී අදහස් දක්වමින් සදහන් කර සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට තීරණය කර ඇති බවයි.