පොහොට්ටුව ගත් තීරණය නිවැරදියි-ෆොන්සේකා

පොහොට්ටුව ගත් තීරණය නිවැරදියි-ෆොන්සේකා

August 13, 2019   05:59 pm

එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට ගත් තීරණය නිවැරදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද(13) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව පැවසීය.

“නීතිය හා සාමය අමාත්‍යධුරය මට නිර්දේශ කළා. විවිධ හේතු දක්වමින් එය ප්‍රතික්ෂේප කළා. එදා ඒ වගකීම මට භාරදුන්නා නම්
පාස්කු ඉරිදා ප්‍රහාරයට මම ඉඩ තියන්නේ නැහැ. 2018 වසරට ආරක්ෂක කවුන්සිලය. පවත්වා ඇත්තේ 8 වතාවයි. 2019 වසරේ අවස්ථා 2කදී විතරයි

මම හමුදාපති ලෙස ඉද්දි. සෑම බදාදා දිනකම ආරක්ෂක කවුන්සිලය තිබ්බා. මරාගෙන මැරීමට අවි පුහුණුව ලැබු ත්‍රස්තවාදීන්. තාම අත්අඩංගුවට ගෙන ඇත්තේ 50%. හඳුනාගත් ලැයිස්තුවල 130ක් ඉන්නවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 60ක පමණ පිරිසක්. ත්‍රස්තවාදය තුරන් කිරීමට උපාය මාර්ගයක් නැහැ

ආරක්ෂාව භාර අයගේ ප්‍රමුඛතාවය දේශපාලනයට. ජනාධිපති අපේක්ෂකයෝ 2ක් ගැන කතා කරනවා. පක්ෂය විසින් තෝරාගත් අපේක්ෂකයා. තමා විසින්ම තමා තෝරාගත් අපේක්ෂකයා. රැස්වීම්වල දැකපු දේ.

කලු ටී ෂර්ට් එකයි - ඩෙනිමයි ඇඳගෙන අඳින පළඳින හැටියෙන් විනය පේනවා. සියලු දෙනාගේ පඩිය 50,000ක් කරනවලු. හොර සල්ලි අච්චු ගහන්නද?

පෝසතුන්ගේ සල්ලි දුප්පතුන්ට ලබාදෙනවා. සරදියෙල්ද ඉන්නේ? තාත්තා කරපු තැන සිට කරගෙන යනවලු. තාත්තා ත්‍රස්තවාදීන්ට අවි ආයුධ දුන්නා. පොලිස් නිලධාරින් 600කට අණ දුන්නා. ත්‍රස්තවාදීන්ට යටත් වෙන්න කියලා .අනිත් රැස්වීමේ කරුණා අම්මාන් හිටියා. එයා 600 දෙනාව ඝාතනය කළා. තාත්තා කරපු දේ කරන එක භයානකයි.“

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සදහන් කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළු ත්‍රස්තවාදීන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.