ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළට-සැළකිලිමත් වෙන්න

ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළට-සැළකිලිමත් වෙන්න

August 13, 2019   05:30 pm

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම් මෙලෙස ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කැලණි ගඟ දැරණියගල ප්‍රදේශයෙන්, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් අවදානම් තත්ත්වයක් දක්වා ජල මට්ටම් ඉහල ගොස් තිබේ.

 මේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.