මුතුරාජවෙල කසළ අංගන කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට

මුතුරාජවෙල කසළ අංගන කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට

August 13, 2019   03:36 pm

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් කෙරවලපිටිය, මුතුරාජවෙල කසළ අංගනයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණි.

ඒ කොළඹ නගරයේ එක්රැස් වන කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අවහිරතා පිළිබඳව මහනගර සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි.

කොළඹ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් කෙරවලපිටිය, මුතුරාජවෙල කසළ අංගනයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණි.

කෙසේ වෙතත් කෙරවලපිටිය කසල අංගනයට කසළ බැහැරකිරීම මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් නතර කරනු ලැබූ පසුබිමක කැළණිය සහ වත්තල ප්‍රාදේශීය සභාව මෙම කසළ අංගනයටම කසළ බැහැර කරන අයුරු මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.