තහනම් ධීවර දැල් තොගයක් හමුවෙයි

තහනම් ධීවර දැල් තොගයක් හමුවෙයි

August 10, 2019   10:56 pm

නාවික හමුදාව විසින් අද (10) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා  තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, අඩි 75 දිගැති තහනම් දැල් 33 ක් සොයා ගත් අතර, අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා මූතුරු, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.