වනජීවි නිලධාරින් තවත් අසරණ ජීවිතයත් බේරා ගනී

වනජීවි නිලධාරින් තවත් අසරණ ජීවිතයත් බේරා ගනී

August 5, 2019   03:42 pm

දුම්රියේ ගැටි තුවාල ලැබු කලවැද්දාට ප්‍රතිකාර ලබා දිමට හැටන් පොලිසියේ නිලධාරින් සහ වනජිවි නිලධාරින් කටයුතු කරයි.

හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි ධාවනය වු දුම්රියකට යට වි තුවාල ලැබු කලවැද්දෙකුට ප්‍රතිකාර ලබා දිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් අද  (05) කටයුතු කලහ.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය අසල දිවි පැටවෙකු දුම්රියට යට වි තුවාල ලබා සිටින බවට අද උදැසන හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් කළ දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් වහා ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් පරික්ෂා කර ඇත.

එහිදි එම නිලධාරින් හදුනා ගැනීමට හැකි වි ඇත්තේ ගැබ්ගෙන සිටි කලවැද්දෙකු දුම්රියේ ගැටි තුවාල ලබා දුම්රිය මාර්ගයේ ආසන්නයේම වැටි සිටිනු බවයි.

පසුව පොලිස් නිලධරින් මේ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දි එම නිලධාරින්ගේ උපදෙස් මත තුවාල ලබා සිටි කලවැද්දා දැඩි පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් ඉවත් කර හැටන් පොලිසිය වෙත රැගෙන යනු ලැබිය.

නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් හැටන් පොලිසිය වෙත පැමිණ තුවාල ලබා සිටි කලවැද්දාට පශු වෛද්‍යවරයෙකු මාර්ගයෙන් ප්‍රතිකාර ලබා දි ඇත.

තුවාල ලබා සිටි කලවැද්දාට ප්‍රතිකාර ලබාදිමට රැගෙන යන අතරතු කලවැද්දා විසින් වනජිවි නිලධාරියෙකුව සපා කා තුවාල සිදු කර ඇති බවත්, ප්‍රතිකාර ලබා දුන් කලවැද්දා සුව වු පසු රක්ෂිතයකට මුදා හරින බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.