තනතුරේ හයියෙන් සිරකරුවන්ගෙන් වැඩ ගන්න බෝගම්බර බන්ධනාගාර අධිකාරීවරයා
August 3, 2019 07:17 pm
තම තනතුර පාවිච්චි කරමින් සිකරුවන් සිය පෞද්ගලික අවශ්‍යතා අවශ්‍යතා වෙනුවෙන් යොමු කිරීමට බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයා කටයුතු කරන ආකාරය අද දෙරණ උකුස්සාට අනාවරණය විය.
පල්ලේකැලේ බෝගම්බර සිරගෙදරින් නිලධාරියෙකු සමඟ පිටතට පැමිණි සිරකරුවන් දෙදෙනෙක් ශ්‍රී නරේන්ද්‍රසිංහ මාර්ගය ඔස්සේ ගමන්කරන ආකාරය පිළිබඳ සැක සිතූ උකුස්සා මොවුන් පසුපස හඹා ගියේය.
පසුව ඔවුන් ඇතුළු වෙන්නේ, අංක 50/03 දරන ලිපිනය සහිත නිවසටයි.
පසුව සිරකරු ඇඳුම මාරුකරගත් මොවුන් මුහුණු ආවරණය කර ගන්නා ආකාරය අපට දැක ගත හැකි විය.
අප වැඩිදුරටත් කළ සොයාබැලීමේ අනාවරණ වූයේ මොවුන් අතින් අදාළ නිවසේ ඉදිකිරීමක් සිදුවන බවයි.
ඔවුන්ගේ ආරක්ෂාවට පැමිණි බන්ධනාගාර නිලධාරියා ද එහි සිටින අතර දහවල් කාලය වන විට තවත් බන්ධනාගාර නිලධාරියෙකු මෙම ස්ථානයට පැමිණෙයි.
අප තවදුරටත් කළ සොයාබැලීමකදී අනාවරණ වන්නේ, ඔහු බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයා බවයි.
මේ අධිකාරීවරයා අදාළ සිරකරුවන් පිටතට ගෙන ඇත්තේ, තම නිල නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා බවට පවසමින්.
කෙසේ වෙතත් ඔහුගේ නිල නිවස පිහිටා තිබෙන්නේ, පල්ලේකැලේ කුණ්ඩසාලේ සාසා නිවාස සංකීර්ණයේයි.
එහි මේ වන විට කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නැති බවත් අපට අනාවරණය විය.
තම තනතුර පාවිච්චි කරමින් සිකරුවන් මෙලෙස පෞද්ගලික අවශ්‍යතා අවශ්‍යතා වෙනුවෙන් යොමුකිරීමට බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරීවරයාට බලය දී ඇත්තේ කවු ද ?
මේ පිළිබඳව අද දෙරණ උකුස්සා ඉදිරියටත් අවධානයෙන්...