පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණ දේව මෙහෙයට ජනපතිත් එක්වෙයි

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණ දේව මෙහෙයට ජනපතිත් එක්වෙයි

July 21, 2019   09:46 pm

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයට ජනපති එක් වෙයි. 

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන්, මිය ගිය අය සිහිපත් කරමින් විශේෂ දේව පූජාවක් අද (21) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.
 
ලංකා සභාවේ අගරදගුරු හා කොළඹ දියෝකිසියේ රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් කනගසබේ හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වුණු අතර perry brohher පියතුමා ඇතුළු පියතුමන්ලා මීට එක්ව සිටියහ.