රණවිරුවන්ට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායකයි-විපක්ෂ නායක

රණවිරුවන්ට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායකයි-විපක්ෂ නායක

July 21, 2019   08:36 pm

රණවිරුවන්ට අද වනවිට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායක බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකට ඊයේ (20)  සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

    
මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ මහතා විසින් රචිත "සැලියුට් එක" කෘතිය එළිදැක්වීම ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින්.


උත්සවයෙන් පසු විපක්ෂ නායකවරයා මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

එහිදි අදහස් දැක්වු විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ යුද ජයග්‍රහණය සෑමරීමට පෙර සියල්ල උඩුයටිකුරු වු බවයි.

සහරාන් නැමැති ත්‍රස්තවාදීයාට දිව්‍ය ලෝකේ යන්න අහිංසක ජනතාව 300ක් ජිවිතයෙන් වන්දි ගෙවු බවද ඒ මහතා එහිදි පැවසීය.

සතුටින් සිටි රටවැසියාට එක දිනයකින් පසු අඬන්නට සිදු වු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.