රේගුවේ නිල ඇඳුම වෙනස් වෙයි

රේගුවේ නිල ඇඳුම වෙනස් වෙයි

July 20, 2019   03:36 pm

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් වෙනුවෙන් නව නිල අඳුමක් එළිදැක්වීමේ උත්සවය රේගු අධ්‍යක්ෂ ජනරාල් පි.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම උත්සවය පසුගිය 18 දා රේගු මූලස්ථානයේදී පැවැත්විය.

වරාය ආශ්‍රීතව රේගු නිවාරණ අංශය දැනට භාවිතා කරන කාකි නිල ඇඳුම හඳුන්වා දෙන ලදි.

රේගු අධ්‍යක්ෂ ‍ජෙනරාල්වරිය හා අනෙකුත් රේගු නිලධාරීන් විසින් නව නිල පැළඳ මෙම උත්සවයට සහභාගී විය.

මෙම නිල ඇඳුම අහෝස්තු මාසයේ සිට ගුවන් තොටුපල සහ අනෙකුත් රාජකාරී ස්ථානවල ඇඳමට නියමිතයි.