තිරිඟු පිටි කිලෝවක් රුපියල් 8කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 8කින් ඉහළට

July 16, 2019   02:35 pm

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

 ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල ඉහළ දමා ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් සියළුම තිරිඟු පිටි අලෙවි නියෝජිතයින්ට අදාල සමාගම් විසින් දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

තිරිඟු පිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද දෙරණ කල විමසීමකදී සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංගමය සදහන් කළේ අදාල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් තමන්ට මේ වන තෙක් දැනුම්දී නොමැති බවයි.