කූරගලට විදුලිය නැවැත්තුවේ ඉහළින් ආ නියෝගයක් මත-රවී

කූරගලට විදුලිය නැවැත්තුවේ ඉහළින් ආ නියෝගයක් මත-රවී

July 11, 2019   06:21 pm

ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය සැපයුම ලබා දීම තාවකාලිකව නැවතී ඇත්තේ රජයේ ඉහළ බලධාරියෙකුගෙන් ලැබුණු උපදෙස් මත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

කූරගලට විදුලිය ලබා දීමට කටයුතු කළ අතර දෙවැනි දිනයේදී එය නවත්වන්න ඉහළින් නියෝග ආ බවත් ඔහු පවසා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම. විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

"මෙය දේශපාලන තීරණයක්.

ඇමති සජිත් සමඟ මේක විසඳගෙන කූරගලට විදුලිය ලබා දෙන්න බැරිද ?"

ඊට පිළිතුරු ලෙස රවී කරුණානායක මහතා ප්‍රකාශ මෙසේ සඳහන් කළේය.

"පටන් ගත්ත වැඩ නවත්වලා.

අපි මේ ගැන කැබිනට්ටුවේදීත් කතා කළා.

එතන කිලෝ මීටර් 4 කට විදුලිය දුන්නා තව කණු 28 ක් දාන්න අවසර ඕන.

අවසර නොලැබුණොත් පොලීසි යනවා."

නැවතත් සිය අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා ෆේස් බුක් පිටු අවහිර කිරීම පිළිබඳව අදහස් දැක්වීය.

"මේ සිදුවීමෙන් පසු ඉරාජ්ගේ ෆේස් බුක් පිටුව ආණ්ඩුවේ බලධාරියෙක් මැදිහත් වී අවහිර කරලා.

මේ වගේ පිටු 1500ක් අවහිර කරලා ඇමති සජිත් ඔබට ඉඩ ලබා දීලා නැහැ.

මේක කොහොම වෙනවාද දන්නේ නැහැ.

කූරගලට විදුලියත් නැහැ ඉරාජ්ට ෆේස් බුක් ගිණුමත් නැහැ."