විසඳුමක් නැති අලි-මිනිස් ගැටුමට බිලි වු ජීවිත

විසඳුමක් නැති අලි-මිනිස් ගැටුමට බිලි වු ජීවිත

July 9, 2019   02:23 pm

අලි මිනිස් ගැටුම තවමත් නොවිසඳුනු ගැටලු අතරම පවතිද්දී එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවයම පීඩාවට පත්ව සිටියි.

අදත් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් එවන් පුවතක් වාර්තා විය.

වසර ගණනාවක සිට වන අලින් ගම් වැදිම හේතුවෙන් අනුරාධපුර - ගලෙන්බිඳුනුවැව, කිව්ලේකඩේ ගම්මානයේ ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියි.

එම ගොවි ජනතාව පවසන්නේ මෙලෙස ගම්වදින අලි රංචු කුඹුරු අක්කර 20කට ආසන්න වගාවන් විනාශ කර ඇති බවයි.

එමෙන්ම කොමඩු, කැකිරි සහ අමුමිරිස් බෝග වගාවන්ද වන අලින්ගේ ආහාර බවට පත්වද්දි එම ගොවීන්ගේ ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මෙවන් පසුබිමක ගම්මානයට අලි වැටක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදිම ගොවීන්, රිටිගල හා මොරගොඩ වන ජීවි නිලධාරීන් දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් තවමත් ලැබී නොමැති බවයි.