ඇමති ධුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

ඇමති ධුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

June 18, 2019   05:39 pm

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අමාත්‍ය ධුර යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාව සඳහා පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රීවරුන් සියළු දෙනා එක්ව සිටි බවයි අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

පස්වරු 02.00 ට පමණ ආරම්භ වූ අදාළ සාකච්ඡාව පැය කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් කාසීම් මහතා පැවසීය.