රුහුණු සරසවියේ උපකුලපතිට සිසුවියන්ගෙන් නිහඬ විරෝධයක්

රුහුණු සරසවියේ උපකුලපතිට සිසුවියන්ගෙන් නිහඬ විරෝධයක්

June 18, 2019   05:15 pm

රුහුණු විශ්වවිද්‍යාලයේ ව්‍යාප්තව ඇති නවක වදය හා සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව එහි උපකුලපතිවරයා විසින් පසුගිය දා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශය සහ සිසුන් දෙදෙනෙකුගේ ශිෂ්‍යභාවය තවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වා තිබේ.

අද(18) දිනයේ දී පැවති මෙම විරෝධතාවය සඳහා සරසවි සිසුවියන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අදාළ සරසවි සිසුවියන් කළු පටි මඟින් සිය මුහුණු ආවාරණය කර ගෙන විශ්වවිද්‍යාලය තුළ සිට පාගමනින් පැමිණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

සරසවි සිසුවියන් තම විරෝධා පුවරු මඟින් ප්‍රදර්ශනය කර සිටියේ උපකුලපතිවරයාගේ ක්‍රියා කලාපය තරයේ හෙළා දකින බවයි.

එමෙන්ම මේ වන විටි රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ හා ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බැවින් ඔවුන්ට නැවත එය ලබා දී අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවසර දෙන ලෙස ද මෙම සිසුන් විරෝධතාවයට එක්වෙමින් කියා සිටියේය.