ඉල්ලා අස් වු මුස්ලිම් අමාත්‍යවරුන්ට මාසෙන් පිළිතුරු දෙන්න කවුරුත් බැඳිලා නෑ-රතන හිමි

ඉල්ලා අස් වු මුස්ලිම් අමාත්‍යවරුන්ට මාසෙන් පිළිතුරු දෙන්න කවුරුත් බැඳිලා නෑ-රතන හිමි

June 18, 2019   05:00 pm

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ගැටලු වලට විසඳුම් දීමට මත්තෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ප්‍රමුඛතාවය දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

ඇතුල්කෝට්ටේ වික්‍රමසිංහ පෙදෙසේ පිහිටි රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයට අද (18) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේය.

ඉල්ලා අස් වු මුස්ලිම් අමාත්‍යවරු පවසන පරිදි ඔවුන්ගේ ගැටලුවලට මාස දෙකකින් පිළිතුරු ලබා දීමට කිසිදු පාර්ශවයක් බැදි නොමැති බවද උන්වහන්සේ පැවසීය.

පාස්කු ප්‍රහාරයට මාද දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති මුත් එයට ගොදුරු වු පිරිසට තවමත් විසදුම නොමැති බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

තමන්ගේ ගැටලුවලට පිලිතුරු නොසොයා රටතුල සිදු ගැටළුකාරි තත්ත්වය මඟහරවා ගැනීමට කටයුතු කළ යුතු බවද රතන හිමියන් එහිද වැඩිදුරටත් පැවසීය.