ඩෙල්ෆ්ට් හිටපු සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකුට නඩු වැටෙයි

ඩෙල්ෆ්ට් හිටපු සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකුට නඩු වැටෙයි

June 18, 2019   04:30 pm

ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩැනියෙල් රෙක්සියන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සෘජුවම යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් නොහොත් කමල් සහ මියගිය පුද්ගලයාගේ බිරිඳ වන රෙක්සියන් අනිතා යන අයයි.

2013 වසරේ නොවැම්බර් මස 25 වනදා සහ එම වසරේ ොවැම්බර් 27 දක්වා කාලය තුළ දී යාපනය , පුන්කුඩුතිව් ප්‍රදේශයේදී රෙක්සියන් කමලේන්ද්‍රන්  නැමැත්තාගේ ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව යාපනය මහධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මහජන නොසන්සුන්තාවට බඳුන් වූ මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව නිතිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ලඝු නොවන නඩු විභාගයක් නොමැතිව විත්තිකරුවන්ට එරෙහිව සෘජුවම මහාධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීන්දු කර තිබේ.