කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි දීම අරඹයි

කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි දීම අරඹයි

June 18, 2019   04:06 pm

කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි.

අද(18) දිනයේ දී ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙක් සහභාගී වන අතර එයින් දෙවන සාක්ෂිකරු වන්නේ කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාය.

පස්වරු 04.00 ට පමණ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණු අතර පැයක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

අද රැස්වූ විශේෂ කාරක සභාව හමුවේ පළමු වරට කාත්තන්කුඩි පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. කස්තුරිආරච්චි මහතා සාක්ෂි ලබාදීම සිදුකළේය.

ඒ මහතාගෙන් පැය දෙකක පමණ කාලයක් සාක්ෂි විමසූ අතර එහි ඇතැම් අවස්ථා මාධ්‍ය වෙත විවෘත කෙරුණේ නොමැත.