ජේසන් රෝයිට ඉදිරි තරඟ 2ක අහිමියි
June 18, 2019 11:14 am
ආබාධයකට ලක්වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු වන ජේසන් රෝයි හට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ දෙක අහිමි වී තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පසුගිය සිකුරාදා පැවති තරඟය අතරතුර ජේසන් රෝයි ආබාධයකට ලක්ව තිබුණි.
ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ දෙකේදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වේ.
28 හැවිරිදි ජේසන් රෝයි මෙවර තරඟාවලියේදී තරඟ 4 කට සහභාගී වී ලකුණු 215 ක් රැස්කරගෙන ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු ලබාගත් ලකුණු 153 තරඟාවලියේ ඉනිමකදී මේ දක්වා ක්‍රීඩකයෙකු විසින් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව යි.